ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය වෙත පසුගිය දිනවල පැවති මෝසම් කාලගුණයත් සමග ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර නිසා ජීවිත 250ක් අහිමි වි තිබේ.
මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් මිලියන ගණනින් ජනතාව පීඩා විඳී අතර, ඇතැම් ප්රදේශ වෙත ජනතාව මුදාගැනීම සඳහා ළඟා වීමට නොහැකි තත්ත්වයක් පැවති බව වාර්තා විය.
ඉන්දියාවේ ඇතැම් ප්රදේශවල ජනතාව ගංවතුර ප්රදේශවලින් මුදාගැනීම සඳහා අලින් යොදාගත් අවස්ථා දැකගත හැකි වූ අතර, නැගෙනහිර ඉන්දියාවේ පමණක් මිලියන 10ක පමණ ජනතාවක් ගංවතුරින් පීඩා විඳි බව වාර්තා විය.
නේපාලයේ ගංවතුර හේතුවෙන් බොහෝ පාලම්, මාර්ග සම්පූර්ණයෙන්ම පාහේ ගංවතුරේ ගසාගෙන ගිය අතර, ගංවතුරට කොටුවූ ප්රදේශ වෙත ළඟා වීමට බලධාරීන්ට දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවිය.
බංග්ලාදේශයටද දින කිහිපයක් පුරා ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමග බොහෝ ගංගා පිටාර මට්ටම ඉක්මවා ගියේ පහත් බිමි යට කරමිනි.