දකුණු අප්රිකාවේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එරට පාලක අප්රිකානු ජාතික කොංග්රසය දැඩි පසුබෑමක් පෙන්නුම් කර තිබේ.
පසුගිය බදාදා පැවති පළාත් පාලන මැතිවරණයේ ගණනය කර තිබූ ඡන්දවලට අනුව ජාතික කොංග්රසය ඉදිරියෙන් සිටියත්, එරට වර්ණ භේද වාදී පාලනය අවසන් වීමෙන් පසු අප්රිකානු ජාතික කොංග්රස් පක්ෂය ලබාගත් අඩුම ඡන්ද ප්රමාණය මෙවර මැතිවරණයේදී වාර්තා කර තිබුණි.
එහිදී, මීට වසර පහකට පමණ පෙර පැවති නගර සභා මැතිවරණය හා සැසඳීමේදී කොංග්රසය ලබා ඇති ඡන්ද ප්රතිශතය 10% ක පමණ පසුබෑමක් ලෙසද අර්ථ දැක්වෙයි.
එමෙන්ම, මෙවර මැතිවරණයේදී දකුණු අප්රිකාවේ ප්රධාන නගර වන ජෝහැන්නස්බර්ග් සහ පොර්ට් එළිසබෙත් යන නගරවල පවා ජයග්රහණය තහවුරු කරගැනීමට එරට ප්රධාන විපක්ෂය වන ප්රජාතන්ත්රවාදී සන්ධාන විපක්ෂය සමත් වී තිබීමද විශේෂත්වයකි.
ජෙකබ් සූමා ජනාධිපතිවරයා හා ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට එල්ල වූ චෝදනා මෙසේ ජාතික කොංග්රසය පසුබැසීමට හේතු වන්නට ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.