උතුරු කොරියාවේ පළා ගිය සෙබලෙකු පිළිබඳව සොයාබැලීමට දේශසීමා ආසන්නයට පැමිණි එරට ආරක්ෂක අංශ නිලධාරීන්ට දකුණු කොරියාව අනතුරු ඇඟවීමේ වෙඩි ප්රහාරයක් එල්ල කර තිබේ.
21දා උදෑසන උතුරු කොරියානු සෙබලෙකු යුද මුක්ත කලාපය හරහා දකුණු කොරියාවට පිවිසීම මුල් කරගෙන මෙම සෝදිසිය සිදුකර ඇත.
මේ දිනවල පවතින ඝන මීදුම අතරින් මෙම සොල්දාදුවා පැමිණි බවත්, ඔහු මේ වසර තුළ උතුරු කොරියාවෙන් පළා ගිය සිව්වැනි සෙබලා බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, දකුණු හා උතුරු කොරියාවේ දක්ෂිණ ආරක්ෂක කලාපයේ උතුරු කොරියානු භටයන් වෙත අනතුරු ඇඟවීමේ වෙඩි ප්රහාරයක් එල්ල කළ බව දකුණු කොරියානු ඒකාබද්ධ අණදෙන නිලධාරි රෝ ජේ-චෙඔන් විසින්ද තහවුරු කර තිබේ.