බලය අයුතු ලෙස යොදාගැනීම හා බලපෑම් කිරීම යන චෝදනාවන්ට වැරදිකරු වූ දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ග්වෙන්-හයි වෙත වසර 24ක සිර දඬුවමක් නියම වී තිබේ.
මෙම නඩු විභාගය සජීව රූපවාහිනී විකාශයක් ලෙස ප්රචාරය වූ අතර, ඇයට සිර දඬුවමට අමතරව ඇ.ඩො.මිලියන 17ක වන්දි මුදලක්ද ගෙවීමට සිදුවනු ඇත.
කෙසේ වෙතත්, මෙම නඩුව විභාග වන අවස්ථාවේදී හිටපු ජනපතිනිය අධිකරණයේ නොසිටි බව කියැවෙයි.
ඇය තමාට එරෙහිව ඇසෙන නඩුවට ඉදිරිපත් නොවී සිටි අතර, තමාට එරෙහිව පක්ෂපාතී නඩුවක් මෙහෙය වන බවට අධිකරණයටද චෝදනා කළාය.
තමාට එරෙහිව නැගෙන සියලු චෝදනා ප්රතික්ෂේප කරන හිටපු ජනපතිනිය පවසන්නේ, තමන් මෙම නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවයි.