ද.අප්රිකානු පොලීසියකට ප්රහාරයක් - 6ක් මරු දකී
දකුණු අප්රිකාවේ නැගෙනහිර කේප් පළාතේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුද සන්නද්ධ කණ්ඩායමක් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ හමුදා නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
දකුණු අප්රිකානු රජයේ පුවත් ඒජන්සිය හදිසි නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ආයුද සන්නද්ධ කණ්ඩායම විසින් පැහැර ගනු ලැබූ සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනා බේරාගැනීමට උත්සාහ කළ සිවිල් පිට සිටි හමුදා නිලධාරියෙකුද වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙසේ පැහැගනු ලැබූ සෙසු පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සිරුරුද එම ස්ථානයට කිලෝමීටර් 4ක් පමණ ඔබ්බෙන් වූ ස්ථානයකදී පසුව සොයා ගැනුණි.
හඳුනා නොගත් මෙම ආයුද සන්නද්ධ කණ්ඩායම බදාදා උදෑසන කාලයේදී මෙම පොලිස් ස්ථානය වෙත කඩා වැදී තිබුණු අතර, ඔවුන් විවෘත වෙඩි තැබීමක් සිදු කරමින් මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුකර තිබුණි.
ප්රහාරයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොතිබුණත්, ඔවුන් ප්රහාරයට පෙර බැංකු ඒ.ටී.එම්. යන්ත්රයක් කඩා මුදල් පැහැරගෙන ඇති බවද මේ වනවිට අනාවරණය වෙයි.
මෙම ප්රහාරයෙන් පසුව පොලිස් ස්ථානයේ තිබූ ගිනි අවි 10ක් සහ පොලිස් වෑන් රථයක්ද ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


