දකුණු අප්‍රිකාවේදී ට්‍රක් රථයක්, මගී දුම්රියක ගැටී සිදුවූ අනතුරක් සමග පැතිරුණු ගින්නක් නිසා පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 268 දෙනෙකු තුවාල ලබා තිබේ.
දකුණු අප්‍රිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට අනතුරින් මියගිය අයගේ සිරුරු හඳුනාගත නොහැකි ලෙස සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇත.
අනතුරින් මුලින්ම එක් දුම්රිය මැදිරියක් ගින්නට හසුව ඇති අතර, පසුව අනෙකුත් මැදිරි වෙතද ගින්න වේගයෙන් පැතිර ගොස් තිබේ.
දුම්රිය හරස් මාර්ගයක නොනවත්වා ධාවනය වූ ට්‍රක් රථය අනතුරට හේතුව බව සිද්ධිය ඇසින් දුටු මගියෙකු එරට මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී මගීන් 850 දෙනෙකු දුම්රියේ ගමන් කරමින් සිට ඇති බව පොලීසිය පවසයි.