තෙරේසා මවු තුමිය ශාන්තුවරියක් බවට පත් කිරීමේ සුවිශේෂී උත්සවය වතිකානුවේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දියාවේ විසූ තෙරේසා මවු තුමිය එරට දුප්පතුන් නගා සිටුවීම සඳහා බොහෝ කටයුතු කළ තැනැත්තියකි.
වතිකානුවේ ශාන්ත පීටර්ස්බර්ග් චතුරස්රයේදී පැවැත්වෙන මෙම සුවිශේෂී උත්සවය පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ තෙරේසා මවු තුමිය අවුරුදු 87ක් ආයු වළඳා 1997 දී ස්වර්ගස්ථ වූ අතර, ඇය ශුද්ධවන්තභාවයට ඔසවා තැබීම 2003 වසරේදී සිදුවිය.

.jpg)