නැගෙනහිර චීන මුහුදේ තෙල් ප්‍රවාහන නෞකාවක් සහ තවත් නෞකාවක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පසුව අධික තෙල් වහනයක් සාගරය වෙත ගලා යමින් තිබුණද, එම ප්‍රදේශයේ චීන ධීවරයන් විසින් සුපුරුදු ධීවර කටයුතුවල නිරත වන බව අනාවරණය වී තිබේ.
විදෙස් මාධ්‍ය නිරීක්ෂණයකදී හෙළිදරව් වී ඇති කරුණුවලට අනුව මෙම ප්‍රදේශයේ පවතින ධීවර බෝට්ටුවලින් වැඩි ප්‍රමාණයක් චීනයට අයත් ඒවාය.
මෙම තෙල් වහනයත් සමග එම ප්‍රදේශයේ සාගර ජලයට තෙල් මිශ්රවීමත් සමග එහි මත්ස්‍ය සම්පත මෙන්ම සාගර ජීවීන් වෙත මෙම තෙල් වහනයෙන් දැඩි බලපෑමක් වන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.
මේ තත්ත්වය තුළ එම ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි ධීවර කටයුතුවල නිරත වීම ඇදහිය නොහැකි කරුණක් බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
චන්ද්‍රිකා ඡායාරූප හා දත්ත උපයෝගී කරගෙන මෙම නිරීක්ෂණය සිදුකර ඇති අතර, ජනවාරි 06 වැනිදා සිදුවූ මෙම අනතරින් සතියකට පසුව එම තෙල් නැව ගිනි ගනිමින් මුහුදේ ගිලී ගියේය.
එහි බොරතෙල් බැරල් මිලියනයක් පමණ පවතින්නට ඇතැයි විශ්වාස කරන අතර, එවැනි බොරතෙල් මිශ්‍රණයක් ඉතා පහසුවෙන් සාගරයේ වැඩි කලාපයක් වෙත පැතිරීමේ අවදානමක් පැවති බවද විශේෂඥ මතය වී තිබුණි.