තෙල් කැණීම් සඳහා ට්‍රම්ප් තවත් විධායක නියෝගයක
ආක්ටික් හා අත්ලාන්තික් සාගරවල ඛනිජතෙල් නිධි කැණීම් සඳහා පැවති නීතිය ලිහිල් කරමින් ඇමෙරිකනු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝගයකට අත්සන් තබා තිබේ.
මේ වනවිට ලෝක ඛනිජතෙල් ව්‍යාපාරයේ යම් කඩා වැටීමක් දක්නට ලැබුණත්, මේ තුළින් දස දහස් ගණන් රැකියා අවස්ථා බිහිකළ හැකි බව ට්‍රම්ප් පවසයි.
සංවර්ධනයේදී සාගර වෙළුම ආරක්ෂා කළ යුතු බවට මීට පෙර බරැක් ඔබාමා විසින් ලබාදී තිබූ වාරණය මෙම නව විධායක නියෝගය සමග අහෝසි වී යා හැකි බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ අභ්‍යන්තර කටයුතු ලේකම් රෙයින් සින්ක් පවසන්නේ විදෙස් හිමිකම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්වීමට වඩා මෙය වඩාත් යෝග්‍ය තීරණයක් බවයි.
එමෙන්ම, බරැක් ඔබාමාගේ පාලනයේදී පනවා තිබූ ඇතැම් පරිසර සංරක්ෂණ නීතිවලින් ඔබ්බට යෑම ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී ලබාදුන් පොරොන්දුවක් බවද කියැවෙයි.
මෙම විධායක නියෝගයට අත්සන් තබමින් ඇමෙරිකාවේ ප්‍රථම අක්වෙරළ බලශක්ති සැලසුම ට්‍රම්ප් විසින් අනාවරණය කළේය.
"අපේ රට බොහෝ ස්වභාවික සම්පත්වලින් අනූන රටක්. එහිදී, අත්හැර දැමූ අක්වෙරළ ඛනිජතෙල් හා ගෑස් නිධි රැසක් පවතිනවා. නමුත්, ෆෙඩරල් රජය විසින් මේ අක්වෙරළ තෙල් හා ගෑස් නිධි සොයා යෑම හා ඒවායෙහි නිෂ්පාදන කටයුතු මෙතෙක් කල් වසා දමා තිබුණා. මේ කාර්යය අපි කළොත් අපේ රටට දස දහස් ගණන් රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම ඩොලර් බිලියන ගණනක වත්කමක් අප සතු වෙනවා." යැයි ට්‍රම්ප් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

