තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණය සැලසුම් කිරීමේ චෝදනා යටතේ එරට හිටපු ගුවන් හමුදාපතිවරයා අත්අඩංගුවට පත්වූ බව විදෙස් වාර්තා පවසයි.
ජෙනරාල් අකීන් ඔස්ටුර්ක් අත්අඩංගුවට ගත් ඡායාරූප කිහිපයක්ද එරට මාධ්‍ය විසින් මුදාහැර තිබූ අතර, හිටපු ගුවන් හමුදාපතිවරයාගේ හිසට සහ කණට තුවාල සිදුව ඇති ආකාරයද එහි දැකිය හැකි විය.
කෙසේ වෙතත්, තමන් මෙම හමුදා කුමන්ත්‍රණයට කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව පැවසූ ජෙනරාල්වරයා, තමන් එය වැළැක්වීමට උත්සාහ කළ බව පවසා සිටියේය.
මේ වනවිට, මෙම හමුදා කුමන්ත්‍රණය සිදුකිරීමේ චෝදනා යටතේ එරට හමුදා ජෙනරාල්වරු 70ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් 11 දෙනෙකු තවමත් අත්අඩංගුවේ පසුවන බවද කියැවෙයි.
මේ අතර, පොලිස් නිලධාරීන් 8,000කගේද වැඩ තහනම් කර ඇති අතර, මෙම කුමන්ත්‍රණයට නිල වශයෙන් සම්බන්ධ වූයේ යැයි චෝදනා කරමින් ඔවුන්ගේ අවි ආයුධ යළි භාරගෙන ඇත.