තුර්කි හා සිරියා දේශසීමාවේදී තම ප්‍රහාරක ගුවන් යානයක් බිම හෙළීමට විරෝධය දැක්වීමක් ලෙස තුර්කියට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව සූදානම් වෙයි.
රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වෙදෙව් පවසන්නේ දෙපාර්ශ්වය අතර වූ ද්වීපාර්ශ්වික ආයෝජන නැවැත්වීමටද කටයුතු කරන බවයි.
අගමැතිවරයා පවසන්නේ ඉදිරි දින දෙක තුන තුළ සම්බාධක පැනවීමට අදාළව කටයුතු කරමින් සිටින බවයි.
මේ අතර, රුසියාවේ සූ-24 ගුවන් යානය තම ගුවන් සීමාවට පැමිණෙන විට සිදුකළ අනතුරු ඇඟවීමේ පණිවුඩය යැයි පවසමින් තුර්කිය හඬ පටයක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබුණි.
නමුත්, රුසියාව පවසා සිටියේ කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව ඉස්ලාම් රාජ්‍යයට එරෙහිව බෝම්බ හෙළමින් සිටි තම ප්‍රහාරක යානයට තුර්කිය ප්‍රහාර එල්ල කර බිම හෙලූ බවයි.