2016 ජූලි මාසයේදී තුර්කියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණය හා සබඳතා පැවැත්වූයේ යැයි කියන එරට මාධ්‍යවේදීන් 6 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ.
කිසිදු චෝදනාවක් නොමැතිව වසරකට අධික කාලයක් රඳවාගෙන සිටි ජර්මානු-තුර්කි සම්භවයක් සහිත මාධ්‍යවේදී ඩැනිස් යූසෙල් නිදහස් කිරීමට එරට තවත් අධිකරණයක් නියෝගය කරන අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් වීමද විශේෂත්වයකි.
එම නිරර්ථක හමුදා කුමන්ත්රණයේ මහ මොළකරුවා ලෙස සැලකුණු ඇමෙරිකාවේ රැඳී සිටින ඉස්ලාමීය ආගමික නායක ෆෙතුල්ලාහ් ගුලෙන් සමග මෙම මාධ්‍යවේදීන් සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
එරට මානව හිමිකම් සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් වූ සංවිධාන මෙම අධිකරණ තීන්දුව හෙළා දැක ඇත.