එළඹෙන තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවූ ජනමත විචාරණයේ ප්රචාරක කටයුතු සඳහා තුර්කි විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම නෙදර්ලන්තය විසින් තහනම් කිරීමත් සමග රොටර්ඩෑම් නගරයේ විරෝධතා උත්සන්න වී තිබේ.
තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලත් කව්සෝග්ලුට ලබාදී තිබුණු රටට පිවිසීමේ අයිතිය නෙදර්ලන්ත කැබිනට් මණ්ඩලය ඉවතදැමූ නිසා ඔහුට මේ ආකාරයෙන් රටට ඇතුළු වීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යාංශය පවසයි.
කෙසේ වෙතත්, මේ සමගම ප්රකෝපකාරී වූ නෙදර්ලන්තයේ වෙසෙන තුර්කි වැසියන් 1,000ක් පමණ තුර්කි තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ අතර, එරට පොලීසිය විරෝධතාකරුවන්ට ජල ප්‍රහාරයක්ද එල්ල කළ බව විදෙස් වාරතා පෙන්වා දෙයි.
මේ අතර යුරෝපයේ නගර කිහිපයක සැලසුම් කර ඇති රැළි සඳහා තුර්කි අමාත්‍යවරුන්ගේ සහභාගීවීම එම නගරවල බලධාරීන් විසින් තහනම් කර ඇති අතර, තුර්කි ජනාධිපතිවරයාගේ බලය වැඩි කිරීම පිණිස ගෙන එන යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන සඳහා ජර්මනියේ සහ නෙදර්ලන්තයේ වෙසෙන තුර්කි පුරවැසියන්ගේ සහයෝගය ලබාගැනීම එම රැළි මගින් ඔවුහු අපේක්ෂා කර තිබුණි.