තුර්කිය තුළ පසුගිය ජූලි මාසයේදී සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකෙරෙන 4,000ක පිරිසක් සිය රැකියාවන්ගෙන් නෙරපීමට එරට රජය කටයුතු කර තිබේ.
මෙම පිරිස අතර, එරට අධිකරණ අමාත්‍යාංශයට අනුයුක්තව සිටි 1,000ක්, හමුදා සාමාජිකයන් 1,000ක්, ගුවන් හමුදා නියමුවන් 100ක් සිටින බව බලධාරීහු පවසති.
තුර්කි රජය පෙරලීම සඳහා පසුගිය ජූලි මාසයේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් පසුව එරට රජයේ නිල ධාරීන් දහස් ගණනකට සිය ධුරයන් අහිමි විය.
මෙම නවතම සිදුවීමත් සමග එරට පොලිස් නිලධාරීන් 9,000ක් පමණ දෙනා ගැනද රජයේ උකුසු ඇස යොමුවී ඇති අතර, තවත් 1,000ක පමණ පිරිසක් අත්අඩංගුවට ගනු ලැබීය.
තුර්කියේ සිදුවූ අසාර්ථක කුමන්ත්‍රණයට ඇමෙරිකාවේ රැකවරණය ලබන ෆෙතුල්ලාහ් ගුලෙන් නමැති පූජක තැනකට අගමැති රිසෙප් තයීප් එර්ඩෝගාන් චෝදනා කළත්, ඔහු ඒ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.
.jpg)