තුර්කියේ, මධ්‍යම ඉස්තාම්බුල් නුවර පොලිස් බස් රථයක් ඉලක්ක කරමින් සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
උදෑසන කාර්යබහුල වීදියකදී දුරස්ථ පාලකයක් ආධාරයෙන් බස් රථය ඉලක්ක කර බෝම්බය පුපුරුවා හැර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නොමැති බවද පැවසෙයි.
කුර්දි බෙදුම්වාදීන් සමග සිදුවන ගැටුම් මෙන්ම, අසල්වැසි සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් තුර්කිය තුළ පසුගිය කාලය පුරා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් කිහිපයක්ම වාර්තා විය.
මේ අතර, අද සිදුවූ පිපිරීම එරට තුළ ඉහළ සංචාරක ආකර්ෂණයක් පවතින ඓතිහාසික බෙයාසීට් චතුරස්‍රය ආසන්නයේදී සිදුව තිබීමද කැපී පෙනෙයි.
ඉස්තාම්බුල් ආණ්ඩුකාරවරයා පවසන පරිදි මින් තුවාල ලැබූ පිරිස 36 කට ආසන්නය.