තුර්කියේ එදාමෙදා තුර සිදුවූ දරුණුතම පතල් අනතුර හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 282 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඒ හේතුවෙන් තුර්කි වෘත්තීය සමිති දිනක වැඩවර්ජනයක් දියත්කොට ඇති බවත් වාර්තා වෙයි.
තුර්කි වෘත්තීය සමිත නායකයන් පෙන්වා දෙන්නේ එරට පතල් කර්මාන්තය පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් පතල්කරුවන්ගේ වෘත්තීය අයිතීන් උල්ලංඝනය වී, ඔවුන්ට දැඩි අවදානමක් යටතේ සේවය කිරීමට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් මේ අනතුර හේතුවෙන් මේ වනවිටත් දින තුනක ශෝක කාලයක් තුර්කිය තුළ ප්රකාශයට පත්කර තිබේ.
එමෙන්ම, තුර්කියේ පළාත් කිහිපයක දරුණු මට්ටමේ උද්ඝෝෂණ පැවති අතර, ඒ සියල්ලම රාජ්ය විරෝධී සටන්පාඨවලින් පොහොසත් විය.
රජයේ ආරංචි මාර්ග පෙන්වාදෙන පරිදි අනතුර සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 787 දෙනෙකු පතල තුළ සිට ඇති අතර, මේ වනවිට පුද්ගලයන් 363 දෙනෙකු බේරාගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් බදාදා රාත්රියෙන් පසුව මේ වනවිට ජීවත්ව සිටි කිසිවෙකු හමුවී නොමැති බවද වාර්තා වෙයි.
විදුලිය කාන්දු වීමක් මෙම පතල් අනතුරට හේතුව බව පැවසෙන අතර, පොළෝ මට්ටමින් කිලෝමීටර් 2ක් පමණ ගැඹුරින් සිදුවූ පිපිරීමත් සමග කාබන් මොනොක්සයිඩ් ආග්රහණය කිරීමෙන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කියැවෙයි.