තායිවානයේ ප්රජාත්නත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ අපේක්ෂිකා සායි ඉන්ග් - වෙන් මෙවර ජනාධිපතිවරණය ජයග්රහණය කරමින් එරට ප්රථම ජනාධිපතිවරිය ලෙස ඉතිහාසයට එක්ව තිබේ.
59 හැවිරිදි වියේ පසුවන ඉන්ග් වෙන් නියෝජනය කරන පක්ෂයේ ජයග්රහණය චීනයට අතුල් පහරක් වී ඇත්තේ, එය තායිවානය චීන පාලනයෙන් මිදිය යුතුය යන මතයේ දැඩිව සිටි පක්ෂයක් නිසාය.
කෙසේ වෙතත්, මෙම ඓතිහාසික ජයග්රහණයෙන් පසුව ජනතාව ඇමතූ එරට නව නායිකාව පවසා සිටියේ මේ ඇරඹුම අලුත් යුගයක් බවයි.
එමෙන්ම, තායිවානය සම්බන්ධ තීන්දු තීරණවලදී සෙසු පක්ෂ සමග සමගිව කටයුතු කරන බවත් ඇය සපථ කළාය.
මෙහිදී, චීන පාලනයෙන් මිදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇය කියා සිටියේ මෙම සංවේදී ප්රශ්නයේදී දෙරටම ප්රකෝපකාරී නොවී, වඩාත් සන්සුන් මනසින් යුතුව ඊට පිළියම් සොයනු ඇති බවයි.