තායිලන්ත හමුදා පාලකයා විශේෂ නිවේදනයක් සිදුකරමින් පවසා සිටියේ, හමුදා නිලධාරීන් වැඩි අසන සංඛ්‍යාවක් හොබවනු ලබන නව ජාතික සභාවක් සහ අන්තර් වාර රජයක් ඉදිරි මාස දෙක ඇතුළත එරට තුළ ස්ථාපිත කරන බවය.
එරට රජයේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ජෙනරාල් ප්‍රයුත් චන් ඔචා මෙසේ අවධාරණය කරමින් පවසා සිටියේ, වසරක් තුළ නව ව්‍යවස්ථාවක් සකස් කෙරෙන අතර ඉන් මාස 3 කට පමණ පසු ප්රජාතන්ත්රවාදී මැතිවරණ පැවැත්වෙන බවය.
කෙසේ වෙතත් එවැනි ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් පැවැත්වෙන තුරු පාලන බලය හමුදා පාලනය යටතේම පවත්වා ගෙන යන බව ජෙනරාල් ප්‍රයුත් පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර, පසුගියදා වාර්තා වූයේ එරට පාලනය බලය හමුදාව විසින් අත්පත් කරගැනීම කලින් සැලසුම් කළ කුමන්ත්රණයකින් සිදු නොවූවක් බවය.