ලබන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය මාස 6ක කාලයක් කල් තබන මෙන් තායිලන්ත විපක්ෂ නායකවරයා ඉල්ල සිටින බව වාර්තා වෙයි.
ඉල්ලීම් 10කින් යුතු විපක්ෂ නායක අභිෂිත් වජ්ජාජීවගේ යෝජනාවලිය අනුව, අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා පදවියෙන් ඉවත්ව, භාරකාර ආණ්ඩුවක් යටතේ මාස හයකට පසුව මහමැතිවරණය පැවැත්විය යුතුය.
එහිදී, සෙනේට් සභාවේ ප්‍රධානියා වැනි, මධ්‍යස්ථ නායකයකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වෙන තාවකාලික පරිපාලනයක් යටතේ මාස හයක කාලයකට පසුව මහමැතිවරණය කැඳවිය යුතුය යන්න විපක්ෂ නායකයාගේ යෝජනාවය.
එම යෝජනාව අනුව අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා සිය ධුරයෙන් ඉවත් විය යුතුය.
කෙසේ වෙතත් විපක්ෂ නායකවරයාගේ ඉල්ලීමට තායිලන්ත ආණ්ඩුවේ ඇමතිවරයෙකු විසින් බැහැර කර ඇත.
නිදහසේ හුස්ම ගනිමින් සංසුන් වීමට කාලයක් අවශ්‍ය බවයි, විපක්ෂ නායක අභිෂිත් විජ්ජාජීව කියා සිටින්නේ.
මේ අතර, තායිලන්ත අධ්‍යාපන අමාත්‍ය චතුරෝන් චයිසෙන්ග් පෙන්වා දෙන්නේ විපක්ෂ නායකයාගේ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.
පසුගිය පෙබරවාරි මාසයේ පැවැත්වුණු මහ මැතිවරණය, තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අවලංගු කරන ලැබීමත් සමග නව මහමැතිවරණයක් කැඳවීමට සිදු වී තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට බැංකොක් නගරයේ ඇති වූ විරෝධතා සමග තායිලන්තය දැඩි දේශපාලන ව්යවුලක පසුවෙයි.