ලෝකයේ වැඩිම කාලයක් රජ කිරුළ දැරූ 88 හැවිරිදි තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජු හදවත් සැත්කමකට බඳුන් කළ බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය කාලය පුරාවට බැංකොක් නුවර රෝහල්ගතව සිටි අදුල්යාදේජ් රජු මාස කිහිපයකින් ජනතාව ඉදිරියටද නොපැමිණියේය.
මේ අතර, අදුල්යාදේජ් රජු, එරට රජකීය පාලකයා ලෙස 70 වැනි වසර සැමරීමටද තායිලන්ත බලධාරීන් සූදානමින් සිටින බව කියැවෙයි.
කෙසේ වෙතත්, පසුගියදා සිදුකළ හදවත් සැත්කමින් පසුව රජු සතුටුදායක සුවයක් පෙන්නුම් කර ඇති බවද එරට රජමාලිගය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.