දකුණු කොරියාව තුළ ඇමෙරිකාව ස්ථාපිත කළ තාඩ් මිසයිල පද්ධතිය විසින් සාර්ථකව මිසයිල ප්රහාරයක් වළක්වමින්, එම මිසයිලය බිම හෙළීමට සමත් වූ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
මෙම තාඩ් මිසයිල පද්ධතිය විසින් මේ ආකාරයෙන් විනාශ කර ඇත්තේ මෑතකදී උතුරු කොරියාව අත්හදා බැලූ ආකාරයේ දිගුදුර බැලස්ටික් මිසයිලයකි.
මෙම මිසයිල ආරක්ෂණ පද්ධතිය මීට මාසයකට පමණ පෙර සැලසුම් කර තිබුණත්, උතුරු කොරියාව විසින් දිගින් දිගටම සිදුකරන මිසයිල අත්හදා බැලීම් හමුවේ මෙම අත්හදා බැලීම සිදුකිරීමට ඇමෙරිකාව හා දකුණු කොරියාව තීරණය කර තිබේ.
පසුගිය ජූලි 04 වැනිදා තමන් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බවද උතුරු කොරියාව පැවසූ අතර, එය ලෝකයේ ඕනෑම ඉලක්කයක් වෙත පහරදීමට සුදුසු අවියක් බව ඔවුහු පැවසූහ.
ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සියලු නියෝග පසෙකලා ඔවුන් සුපුරුදු පරිදි සිය මිසයිල වැඩසටහන ක්රියාත්මක කරන්නට විය.
