ත්රස්තවාදයට එරෙහිව සටනට ඇමෙරිකාව-ඉන්දියාව කඳවුරු බඳිති
ත්රස්තවාදයට එරෙහිව සටනට තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට තමා හා ඇමෙරිකානු නායකයා එකඟත්වයකට පැමිණි බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අවධාරණය කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමෙන් පසුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
නායක දෙපළගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකාව හා ඉන්දියාව අතර සබඳතා මෙතරම් ශක්තිමත් වූ කාලයක් තවත් නොමැති බවයි. එමෙන්ම, ඉන්දියාව සමග වෙළෙඳ සබඳතා පුළුල් කිරීමට තමන් කටයුතු කරන බවද ට්‍රම්ප් පවසා සිටියේය.
ධවල මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාව දෙරටේ නායක දෙපළ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙයි.
ත්‍රස්තවාදය සඳහා පවතින අවස්ථා මුලිනුපුටා දැමීම සඳහා වූ සටන ඇමෙරිකාව හා ඉන්දියාව අතර සහයෝගීතාවයේ වඩාත් ප්රමුඛ අංගයක් බවද මෝදි පවසා සිටියේය.
එමෙන්ම, ඇමෙරිකානු ජනාධිපතිවරයාට හා ඔහුගේ පවුලේ පිරිසට ඉන්දියාවේ සංචාරයකට එක්වන ලෙසද මෝදි අගමැතිවරයා ආරාධනා කළ බව විදෙස් වාර්තා පවසයි.
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

