ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපාමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉතා ආසන්න බව පරිගණක පද්ධති ආරක්ෂකයෝ අනතුරු අඟවති.
බ්‍රිතාන්‍ය ජාතික පරිගණක පද්ධති ආරක්ෂකයෙකු වූ MalwareTech විසින් මෙම සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයේ රැන්සම්වෙයාර් මෘදුකාංගය පැතිරීම වැළැක්වූ අතර, ඔහුම අවධාරණය කර තිබුණේ බොහෝ විට සඳුදා දිනය වනවිට තවත් ප්‍රහාරයක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
මෙම වෛරසය, පරිගණක පද්ධතිවල ලිපිගොනු තම පාලනයට ගෙන ඇති අතර, විශේෂයෙන්ම ලොව පුරා රාජ්‍යයන් 100ක, ස්පාඤ්ඤය, ප්‍රංශය හා රුසියාව ඇතුළුව මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරුව තිබුණි.