තවත් මිසයිල එපා - රුසියාව හා චීනය උතුරු කොරියාවට කියයි
තම මිසයිල හා න්‍යෂ්ටික වැඩපිළිවෙළ වහාම අතිහිටුවන ලෙස චීනය සහ රුසියාව උතුරු කොරියාවට අවධාරණය කර තිබේ.
උතුරු කොරියාව විසින් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමත් සමග මෙම ප්‍රබල රාජ්‍යයන් දෙක උතුරු කොරියාවට මෙම කරුණ දන්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, මෙම රටවල් ද්විත්වය විසින් ඇමෙරිකාව හා දකුණු කොරියාව සිදුකරන ඒකාබද්ධ හමුදා අභ්‍යාස නතර කිරීමට කටයුතු කරන ලෙසද මේ සමගම දන්වා සිටීමද විශේෂත්වයකි.
මේ අතර, උතුරු කොරියාව පවසා සිටියේ තමන්ගේ මිසයිල ලෝකයේ ඕනෑම ඉලක්කයක් වෙත පහරදීමේ හැකියාවෙන් යුතු බවයි.
කෙසේ වෙතත්, උතුරු කොරියාව සිය මිසයිල තාක්ෂණයෙන් සන්නද්ධ වුවත්, ඔවුන්ට නිශ්චිත ඉලක්කයක් වෙත හෝ න්‍යෂ්ටික ශීර්ෂයක් සහිතව මිසයිලයක් ප්‍රහාරයක් සඳහා යොදාගැනීමට තරම් තාක්ෂණයක් තවම නොමැති බව විශ්ලේෂක මතයයි.
එමෙන්ම, උතුරු කොරියාව අත්හදා බැලූ මෙම මිසයිලයෙන් තම රටවලට කිසිදු බලපෑමක් නොමැති බව අමෙරිකාව හා චීනය පවසා තිබුණි.
කෙසේ වෙතත්, උතරු කොරියාවේ මෙම නාහෙට නාහන ප්‍රතිපත්තිය මේ වනවිට කොරියානු අර්ධද්වීපය තුළ උණුසුම තවදුරටත් තීව්ර කර ඇති බව නම් සැබෑය.

.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

