ලොව පුරා පරිගණක පද්ධති රැසක් රැන්සම් වෙයාර් සයිබර් ප්‍රහාරයකට නතුව ඇති බව වාර්තා වන බව විදෙස් වාර්තා පවසයි.
බ්‍රිතාන්‍යයේ ප්රමුඛ පෙළේ දැන්වීම් ප්රචාරක ආයතනයක් වන ඩබ්.පී.පී. ආයතනය පවසන්නේ ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ පද්ධතියට දැඩි බලපෑමක් සිදුව ඇති බවයි.
මේ අතර, යුක්රේනයේ ආයතන රැසකට මෙම වෛරසයේ බලපෑම එල්ල වී ඇති අතර, එරට රජයේ විදුලිබල සමාගමට සහ කිවි නගරයේ ප්‍රධාන ගුවන් තොටුපොළ වෙතද සයිබර් ප්‍රහාරය බලපා ඇති බව සඳහන් වෙයි.
මේ අතර, චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර ආශ්රිත ස්වයංක්‍රීය සෙන්සර් පද්ධති ක්‍රියාවිරහිත වීම හේතුවෙන් එහි විකිරණශීලීත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙමින් එහි ක්‍රියාකාරීත්වය ක්‍රියාකරුවන් යොදවා සීරුමාරු කරමින් සිටින බවද සඳහන් වෙයි.
පරිගණක ආරක්ෂණ පද්ධති පිළිබඳ විශේෂඥයන්ට අනුව පසුගිය මාසයේදී එල්ල වූ වෝනර් ක්‍රයි රැන්සම් වෙයාර් පරිගණක පද්ධතිය ආකාරයෙන්ම පරගණක පද්ධතිවල වූ දුර්වල තැන් මෙම නව වෛරසය විසින්ද යොදාගෙන තිබේ.