තවත් කළු ජාතිකයෙකු සුදු ජාතික වෙඩි පහරින් මරුට
ඇමෙරිකාවේ දකුණු කැරොලීනා ප්රාන්තයේ සුදු ජාතික පොලිස් නිලධාරියෙකු භාරයේ සිටි කළු ජාතික සැකකරුවෙකු ඔහුගෙන් මිදී පළා යාමේදී සිදුකළ වෙඩි තැබීමකින් කළු ජාතිකයා මිය යෑමේ සිදුවීම දැක්වෙන වීඩියෝවක් ප්රසිද්ධියට පත්ව තිබේ.
ඒ අනුව, ප්රාන්ත බලධාරීන් විසින් මයිකල් ස්ලැගර් නමැති මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ජංගම දුරකථන කැමරාවකින් මෙම සිදුවීම අසල සිටි අයෙකු පටිගත කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා වෝල්ට් ලැමර් ස්කෝ ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පොලිස් නිලධාරියා වෙත ගිනි අවියක් එල්ල කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියාද වෙඩි තබා ඇති බව බලධාරීන් කියයි.
කෙසේ වෙතත් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.
පසුගිය කාලය පුරා කළු ජාතිකයන් ඉලක්ක කරමින් මරණ රැසක් සිදුවූ අතර, මේ තත්ත්වය තුළ වර්ණභේදවාදී ගැටුම් හා උද්ඝෝෂණ ඇමෙරිකාවේ ඇතැම් ප්රාන්තවල උත්සන්න විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

