තමා අතින් කැඩුණු වළල්ලේ මිල ඇසූ කතක් සිහිමුර්ජා වෙයි
චීන ස්වර්ණාභරණ වෙළෙඳ සැලකදී ජේඩ් පාෂාණයෙන් සැදූ මිල අධික වළල්ලක් අත්වැරැද්දකින් බිඳ දැමූ චීන ජාතික කාන්තාවක් එම වෙළෙඳ සැල තුළම ක්ලාන්තව ඇද වැටී ඇත.
චීනයේ ජියාන්ෂි පළාතේ සිට පැමිණි මෙම සංචාරක කාන්තාව එරට මියන්මාර දේශසීමා ආසන්නයේ වූ යුනාන් පළාතේ, යුඉලී වෙළෙඳ සැලකදී මෙම අකරතැබ්බයට මුහුණදී ඇති අතර, ජේඩ් පාෂාණයෙන් සුසැදි එම වළල්ලේ වටිනාකම ඇ.ඩො.44,000ක් හෙවත් රු.හැටහය ලක්ෂයක් පමණ වන බවද කියැවෙයි.
ස්වාර්ණාභරණ වෙළෙඳ සැලේ ඇති විවිධ ආභරණ ඇඟලමින් ඒවායෙහි හැඩ බලමින් සිටි මෙම කාන්තාව මෙම සුවිශේෂී වළල්ලද තමාගේ අතට දමා එහි හැඩ බලා ඇත. පසුව යළි වළල්ල සිය අතින් ගැලවීමට යාමේදී එය විසිවී ගොස් බිම වැටී දෙකට කැඩී ඇත.
තමන් වළල්ල පළඳින විට එහි වටිනාකම නොදැන සිටි කාන්තාව, මෙම අකරතැබ්බයෙන් පසුව එහි වටිනාකම ඇසූ සැණින් ඇයට උන්හිටි තැන් අමතකව ගොස් ඇති බව කියැවෙයි.
එනමුදු, මේ සම්බන්ධයෙන් ගන්නා වූ පියවර සම්බන්ධයෙන් අදාළ ස්වර්ණාභරණ වෙළෙඳ සැල කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර, ඒ වෙනුවට ඔවුන් මෙම කාන්තාව අස්වසාලීමට උත්සාහ කර ඇති බවද සඳහන් වෙයි.
නමුත්, මෙහි මිල ඇසූ ඇයගේ සම්පූර්ණ සිරුරම සුදුමැලි වී ඇති අතර, මහා වර්ෂාවක් ඇද හැලෙන්නාක් සේ ඇගේ ශරීරයෙන් දහඩිය බිඳු කඩා හැලෙන්නට පටන්ගෙන ඇත. අවසානයේදී ඇය ක්ලාන්තව ඇද වැටුණු බව චීන මාධ්‍ය වාරතා කරයි.
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
