තම මානසික සෞඛ්‍යය ගැන ප්‍රශ්නකළ කෘතිය ප්‍රබන්ධයක් යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
තමාගේ මානසික සෞඛ්‍යය ගැන ප්‍රශ්න කරමින් පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණු 'ගින්න සහ වියරුව' (ද ෆයර් ඇන්ඩ් ෆියුරි) කෘතිය ප්‍රබන්ධයක් බවත්, එහි කතුවරයා බොරුකාරයෙකු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.
තමන් හොඳ සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන බවත්, තවමත් හොඳ කඩිසරව කටයුතු කරන්නෙකු බවත් පවසන ජනාධිපතිවරයා, තමාගේ මානසික සෞඛ්‍යය ගැන කෘතිය තුළින් ගෙනහැර දක්වා ඇති ප්‍රශ්න කිරීම එකහෙළා ප්‍රතික්ෂේප කරන බවත් පවසා සිටියි.
මයිකල් වොල්ෆ් විසින් රචිත මෙම කෘතිය තුළ වත්මන් ජනපතිවරයාගේ සමීපතමයෙකු හා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ ආධාරකරුවෙකුව කටයුතු කළ ස්ටීව් බැනන් උපුටා දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනපතිධුරය දැරීමට තරම් හොඳ සෞඛ්‍යය තත්ත්වයක පසුවන්නේද යන පැනය ගෙනහැර දක්වා තිබේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (06දා) කැම්ප් ඩේවිඩ් හිදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයන් කිහිප දෙනෙකු සමග මාධ්‍ය හමුවකටද එක්වූ අතර, එහිදී ජනාධිපතිවරයාගේ මානසික සෞඛ්‍යය පිළිබඳ පැනයට ඔහු පිළිතුරු සපයන්නට විය.
"මා ඉතා දක්ෂ සිසුවෙකු ලෙස පාසල් දිවියේදී මෙන්ම, උසස් අධ්‍යාපනයේදීද කටයුතු කළා. ඉන් පසුව ඩොලර් බිලියන ගණනින් මුදල් උපයමින් ඇමෙරිකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් කිහිප දෙනා අතරට එක්වුණා. ඉන් නොනැවතී රූපවාහිනිය තුළද කටයුතු කරමින් වසර 10කට වැඩි කාලයක් අඛණ්ඩව ඉහළ ජනප්‍රියත්වයක් ඉසිලුවා. ඉතිං මේ දීර්ඝ ගමනේදී මින් පෙර ඔබ මෙවැනි ප්‍රශ්න කිරීමක් ගැන අසා තිබුණාද?" ට්‍රම්ප් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




