නයිජීරියාවේ, බොකෝ හරාම් ත්රස්තයන් කාන්තාවන් සිව්දෙනෙකු යොදාගෙන මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරවලින් සිදුව ඇති ජීවිත හානි අවම වන අතර මෙම කාන්තාවන්ට අමතරව තවත් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවෙස්වලට ගොස් දොරට තට්ටු කිරීමේදී නිවැසියන් ඉදිරියට පැමිණෙන විට බෝම්බ පුපුරුවා ගැනීම සිදුව ඇති අතර, මෙම ප්‍රහාරවලින් තවත් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවද කියයි.
මේ ආකාරයෙන් හුදකලා නිවාස ඉලක්ක කරමින් බෝම්බ පුපුරුවා ගැනීම බොකෝ හරාම් ත්රස්තයන්ගේ අලුත්ම උපක්‍රමයක් බවට පත්ව ඇති බවද නයිජීරියානු ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.