ඩොමේන් නාම ලබාදීමේ බලය ඇමෙරිකාව අත්හරී
ඉන්ටර්නෙට් ඩොමේන් නාම ලබාදීමේ බලය අත්හැරීම සඳහා ඇමෙරිකාව සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.
අන්තර්ජාල පාලනයේ තනි අයිතියක් ඇමෙරිකාව දරා සිටින බවට ලොව ප්‍රබල රාජ්‍යයන්ගෙන් දිගින් දිගටම එල්ලවන චෝදනා හමුවේ මෙම ඩොමේන් නාම ලබාදීමේ අයිතිය අත්හැරීමට ඇමෙරිකාව නිල වශයෙන් තීරණය කර තිබේ.
ඒ අනුව, මින් ඉදිරියට ඩොමේන් නාම ලබාදීමේ බලය Icann ආයතනය වෙත පූර්ණ වශයෙන් ලබාදෙනු ඇති අතර, එය එළැඹෙන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවද කියැවෙයි.
ඉන්ටර්නෙට් ඩොමේන් නාම ලබාදීම අන්තර්ජාල භාවිතය වඩාත් පහසුකළ ක්‍රියාවක් විය. යම් ලෙසකින් ඩොමේන් නාමයක් නොතිබුණේ නම් යම් වෙබ් පිටුවකට පිවිසීම සඳහා ඊට අදාළ ඉන්ටර්නෙට් ප්‍රොටොකෝල ලිපිනය යෙදීමට සිදුවනු ඇත. කෙසේ වෙතත්, මෙම ඉන්ටර්ටෙන් ඩොමේන් නාම ලබාදීමේදී ඇමෙරිකාව එදාමෙදාතුර බිහිකර ගත් ඒකාධිකාරය බිඳ දැමීම මේ හරහා සිදුවනු ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

