ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාර කළමනාකාර කුරේ ලොවුන්ඩොව්න්ස්කිට එරෙහිව මාධ්‍යවේදිනියකට පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ගොනුවී ඇත.
පසුගිය මාර්තු 08 වැනිදා ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයක් අතරතුර මෙම කළමනාකාර තැන විසින් මාධ්‍යවේදිනියක වූ මිෂෙල් ෆීල්ඩ් අතින් ඇද දමා පැත්තට තල්ලු කර දමන ආකාරය වීඩියෝවක පටිගත වී ඇත.
ඇය ඩොනල්ඩ් ට්‍රම්ප් පසුපස යමින් ඔහුගෙන් යමක් විමසීමට කටයුතු කරන අවස්ථාවේදී ලොවුන්ඩොව්න්ස්කි මෙසේ හැසිරී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් ලොවුන්ඩොව්න්ස්කි සමාව ඇයද සිටීමට සූදානම් බව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ සම්බන්ධයෙන් ෆ්ලොරීඩා හි ජුපිටර් පොලීසිය විසින් ලොවුන්ඩොව්න්ස්කි අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇති බවද වාර්තා වෙයි.