ඩේවිඩ් කුළුනේ අනවසර පදිංචිකරුවන් ඉවතට
වෙනිසියුලාවේ ඩේවිඩ් කුළුන නමින් හැඳින්වෙන ගොඩනැගිලි සංකීර්ණය තුළ අනවසරයෙන් පදිංචිව සිටි වැසියන් 3,000ක් පමණ ආරක්ෂක අංශ යොදවා ඉවත් කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබේ.
මහල් 45කින් යුතු මෙම ගොඩනැගිලි සංකීර්ණයෙන් ඉවත් කෙරුණු පිරිස් වෙත දකුණුදිග කර්කාස් නුවර අවට නිවාස ලබාදෙන බව රජය පවසා තිබේ.
වෙනිසියුලාව තුළ ක්‍රියාත්මක මහා නිවාස ව්‍යාපෘතිය යටතේ මෙම පිරිස ඉවත් කිරීම සිදුකර ඇති අතර, එය වෙනිසියුලාවේ දිළින්දන් වෙනුවෙන් හිසට වහළක් ලබාදීමේ හියුගෝ චාවේස් ප්‍රතිපත්තිය අනුව යමින් සිදුකරන්නක් බව කියැවෙයි.
කෙසේ වෙතත් මෙම ඩේවිඩ් කුළුනු සංකීර්ණය බැංකු මධ්‍යස්ථානයක් ලෙස මුලදී ඉදිකර තිබෙන්නේ සෞභාග්‍යමත් වෙනිසියුලාවක් වෙනුවෙනි.
නමුත්, 1994 සිට මෙම ගොඩනැගිලි සංකීර්ණ අතහැර දැමීම හේතුවෙන් අනවසර පදිංචිකරුවන් රැසක් එය තම නිවස්නය කරගෙන තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

