ඩෙබී සුළි කුණාටුව වඩාත් ප්රචණ්ඩ ස්වරූපයක් ගනිමින් ඇති වූ ගංවතුර තත්ත්වය සමග ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක දියේ ගිලී මියගිය ජනතාව සිටිය හැකි බවට එරට බලධාරීහු බිය පළ කරති.
මේ වනවිට නිව් සවුත්වේල්ස් හා සදර්න් ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්ත දෙකෙහි දස දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව පැවසෙයි.
පසුගිය අඟහරුවාදා සිව්වන තත්ත්වයේ සුළි කුණාටුවක් ලෙස උතුරුදික ක්වීන්ස්ලන්තයෙන් ඇතුළු වූ ඩෙබී සුළි කුණාටුවේ චණ්ඩ ස්වරූපය මේ වනවිට පහව ගොස් තිබුණත්, ඒ සමග ඇති වූ අධික ගංවතුර තත්ත්වය වර්ධනයක් පවතින බව කියයි.
විශේෂයෙන්ම සාමාන්‍යයෙන් වර්ෂාව අධික කාලයක් ලෙස සැලකෙන මෙම කාලයේදී වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමග මෙම තත්ත්වය වඩාත් දරුණු අතට හැරී තිබේ.