ඔස්ට්‍රේලියාවට බලපෑ ප්‍රබල ඩෙබී සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නිරිතදිග ක්වීන්ස්ලන්තයේ පාසල් රැසක් වසා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අද දිනයේදී මෙම සුළි කුණාටුව ප්‍රාන්තයේ ජනගහනය වැඩිම පළාත වෙත බලපෑ අතර, එය මීට දින දෙකකට පෙර ක්වීන්ස්ලන්ත ඊසානදිග වෙරළ තීරයෙන් භූමිය වෙත ඇතුළු විය.
ක්වීන්ස්ලන්තයේ අගනුවර ලෙස සැලකෙන බ්‍රිස්බේන් වෙත මිලිමීටර් 200ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා නොවන බවද විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, ප්‍රාන්තයේ පාසල් 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් වසා දමා ඇති අතර, ජනතාවට නිවාසවලටම වී සිටින ලෙස උපදෙස් ලබාදී තිබේ.