ඊසානදිග ඔස්ට්‍රේලියානු වෙරළ කලාපයට බලපා ඇති ඩේබි චණ්ඩ මාරුතය හේතුවෙන් දැඩි වර්ෂාපතනයක් සමග විශාල බලපෑමක් හා හානියක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්වීන්ස්ලන්තයේ බෝවෙන් සහ එයාර්ලී වෙරළ තීරයෙන් පැයට කිලෝමීටර් 263ක වේගයෙන් මෙම චණ්ඩ මාරුතය ගොඩබිම කරා පැමිණ ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙය ගොඩබිම තුළ දෙවැනි මට්ටමේ චණ්ඩ මාරුතයක් ලෙස ගමන් කරනු ඇති අතර, මීට ගොදුරුවීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු පිළිබඳවද වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පවසා සිටියේ හදිසි ආපදා තත්ත්වයට මුහුණදීමේ විශේෂ සැලැස්මක් තමන් විසින් සූදානම් කර ඇති බවයි.
මේ වනවිට ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ නාවික හමුදාව ක්වින්ස්ලන්තය වෙත පිටත්කර හැර ඇති බව පවසන අගමැතිවරයා, හදිසි තත්ත්වයට මුහුණදීම අවශ්‍ය ආධාරද ඒ සමගම යවා ඇති බවද පවසයි.