ඩෙන්මාර්කයේ මාර්ග්රේත් රැජිනගේ ස්වාමියා වූ හෙන්රික් කුමරු අවුරුදු 83ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රංශයේ උපත ලැබූවෙකු වන හෙන්රික් කුමරු ආසාධනයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසුව කෝපන්හේගන් නුවරට උතුරින් වූ ෆ්රෙඩ්න්ස්බෝර්ග් මන්දිරය වෙත පැමිණීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
චිත්තාකර්ෂණීය ජීවිතයක් ගත කිරීම හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි විවාදයට තුඩුදුන් කුමරුගේ ජීවිතය ඩෙන්මාර්ක ජාතිකයන් පිරිසක් වර්ණනා කරද්දී, තවත් පිරිසක් තදින් විවේචනය කර තිබුණි.
2017 වසරේදී ඔහු විශේෂ නිවේදනයක් මගින් කියා තිබුණේ තමන්ට බිරිඳගේ දේහය මිහිදන් කෙරෙන ස්ථානය ආසන්නයේ මිහිදන් වීමට අවශ්‍යතාවක් නොමැති බවයි.
ඩෙන්මාර්ක රැජින විසින් කිසිම විටෙකත් ඔහු සම තත්ත්වයෙන් පිළි නොගැනීම නිසා ඔහු යම් කලකිරීමකින් සිටි බවද කියැවෙයි.
කෙසේ වෙතත්, 77 වැනි වියෙහි පසුවන රැජින විසින් සිය ස්වාමියාගේ එම ඉල්ලීම පිළිගෙන තිබුණේ වසර 459ක් පැරණි ඩෙන්මාර්ක සම්ප්රදායක් බිඳ දමමිනි.
රාජකීය මන්දිරය විසින් නිවේදනය කර තිබුණේ කුමරු නින්දේදීම සාමකාමී මරණයක් උරුම කරගත් බවයි. එම අවස්ථාවේදී රැජින සහ සිය පුතුන් දෙදෙනා ඔහු අසල සිටි බවද රාජකීය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි.