ඇමෙරිකාවේ දැවැන්ත ඩිස්නිලන්තය හා තරග කළ හැකි ආකාරයේ වින්දන උද්‍යානයක් චීනයේ ධනවත්ම මිනිසා විසින් වොන්ඩ සිටි නමින් විවෘත කර තිබේ.
ගිණිකොනදිග චීනයේ, නචැන්ග් නගරයේ ඉදිවී ඇති මෙම වින්දන උද්‍යානයේ, කෙළිසෙල්ලම් කිරීමට සුවිශේෂී විනෝද අංග හා උපකරණ මෙන්ම, වෙළෙඳ සැල් හා මින් මැදුරක්ද ඇතුළත් වෙයි.
මෙම සමස්ත නිර්මාණය සඳහා ඇ.ඩො. බිලියන 3ක පමණ ආයෝජනයක් සිදුකර ඇති අතර, එහි හිමිකාරීත්වය දරන වැන්ග් ජිආන්ලින් පවසන්නේ චීන සංස්කෘතිය හා යමින් ගෝලීය සන්නාමයක් නිර්මාණය කිරීමට තමාට අවශ්‍ය වූ බවයි.
මේ අතර, සිඩ්නි සමාගමද ෂැංහයි නගරයේදී එළැඹෙන මාසයේදී සිඩ්නි වින්දන උද්‍යානයක් විවෘත කිරීමට සූදානමින් සිටියි.