ප්රංශයේ පැරිස් නුවර තරු පහේ හෝටලයක අද (19දා) උදෑසන ඇති වූ ගින්න පාලනය කිරීමට හැකි වූ බව විදෙස් වාර්තා පවසයි.
පැරීසියේ රිට්ස් හෝලයේ ඉහළ මහලේ මෙම ගින්න ඇති වූ අවස්ථාවේදී එහි සේවයේ යෙදී සිටි 150ක පමණ පිරිසක් ඉවත්කර ගැනීමට හැකි වී ඇති අතර, කිසිදු අනතුරක් වාර්තා වී නොමැත.
ඩයනා කුමරිය සිය අවසන් හෝරාව ගත කළ හෝටලය ලෙස ප්රකට රිට්ස් හෝටලයේ අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් එය මේ දිනවල වසා තැබීම නිසා ගින්න පැතිරෙන අවස්ථාවේදී එහි සංචාරකයන් කිසිවෙකුත් නොසිටි බවද වාර්තා වෙයි.