බංග්ලාදේශයේ ඩකා අගනුවර පොලීසිය හා ඉස්ලාම් අන්තවාදීන් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී අන්තවාදී සැකකරුවන් 9 දෙනෙකු ජීවිතක්ෂය පත්ව තිබේ.
ඩකා නුවර, කල්යාන්පූර් ප්රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේදී පොලීසිය වෙතට ඔවුන් අත්බෝම්බ ප්රහාරයක් සිදුකර ඇති අතර, අනතුරුව පොලීසිය ඔවුන් වෙත ප්රතිප්රහාර එල්ල කර තිබේ.
බංග්ලාදේශය තුළ නොකඩවා සිදුවන සුළුතර ජනකොටස් ඝාතනය මෙන්ම, පසුගියදා අවන්හලක් වෙත එල්ල වූ ත්රස්ත ප්රහාරය හමුවේ එරට අන්තවාදී ක්රියා මැඬපැවැත්වීමට රජය දැඩි පරිශ්රමයක් ගනිමින් සිටියි.
කෙසේ වෙතත්, මෙම සෝදිසි මෙහෙයුමේදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුමන අන්තවාදී කණ්ඩායමකට අයත් පිරිසක්ද යන්න මෙතෙක් අනාවරණය කර නැත.
මේ අතර, තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමටද බංග්ලාදේශ පොලීසිය කටයුතු කර තිබේ.