අතිශය බිහිසුණු ටෝනේඩෝ ආසන්නයට යෑමේ අත්දැකීම් බහුල ටෝර්නේඩෝ හඹා යන්නන් තිදෙනෙකු හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (28දා) ඔවුන්ගේ මෝටර් රථ දෙක ටෙක්සාස් හි ස්පර් නගරයට සැතපුම් පහක් දුරින් වූ ටෝනේඩෝවක් හඹා යමින් සිටියදී එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
මෙම අනතුරින් මියගිය අය අතර 57 හැවිරිදි කෙලී ජීන් විලියම්සන්, 55 හැවිරිදි රැන්ඩෝල් යාර්නෝල් සහ 25 හැවිරිදි කෝබින් ලී ජෙගර් වන අතර, රැන්ඩෝල් යාර්නෝල්, කෙලී ජීන් විලියම්සන්ගේ මිතුරෙකු ලෙස හඳුනාගෙන ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී විලියම්සන් තමන්ගේ ආසන බඳ පටි පැළඳ නොසිට ඇති බවද මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර, ඒ නිසාම ඔහු සිය රථයෙන් පිටතට වීසි වී ඇති බව ටෙක්සාස් පොලීසිය පවසයි.