ඇමෙරිකාව, රුසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය නියෝජනය කළ මැදපෙරදිග රාජ්‍ය නියෝජිතයා වූ හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් සිය ධුරයෙන් ඉවත් වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, එළැඹෙන මාසයේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වනු ඇති බව අගමැතිවරයාට සමීප ආරංචි මාර්ග පෙන්වා දෙයි.
2007 වසරේදී අගමැති ධුරයෙන් ඉවත්ව පැය කිහිපයක් ගතවීමටත් පෙර මෙම භාරධුර කර්තව්‍යයේ වගකීම භාරගත් ටෝනි බ්ලෙයාර් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී-මූන් මහතා වෙත සිය තීරණය දැනුම් දී තිබේ.