සිහසුනට උරුමකම් කීමෙන් වසර තුනකට පසුව ටොංගා රාජ්‍යයේ හය වැනි ටුපෝව් රජු නිල වශයෙන් ඔටුනු පැළඳීම පසුගියදා සිදුවිය.
පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොංගා රාජ්‍යයේ මෙම රාජකීය උත්සවයට විදේශ රටවල රාජකීයයන් පැමිණ සිටි අතර, ඒ අතර ජපානයේ ඔටුන්න හිමි කුමරුද විය.
එරට අගනගරය වන නුකුඅලෝෆෝ හි පැවති උත්සවයට දහස් ගණන් ටොංගා ජනතාව මෙන්ම සංචාරකයන්ද සහභාගි වූහ.
ටොංගා රාජ්‍යයේ හිටපු පස් වැනි ජෝර්ජ් ටුපෝව් රජු 2012 මැයි මාසයේදි කළුරිය කළේය.
55 වැනි වියෙහි පසුවන හය වැනි ටුපෝව් රජු මෙසේ රාජ්‍යත්වයට පත්වූයේ සිය තනිකඩ සොයුරා ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය.