විදේශීය සංචාරකයන් ඇතුළු පුද්ගලයන් 38 දෙනෙකුට මරු කැඳවූ ටියුනීසියාවේ වෙරළශ්රිත ඉස්ලාමීය අන්තවාදී ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් රැසක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහොමඩ් ඝාර්සාලි පවසා ඇත්තේ එරට වෙරළාශ්‍රිත හෝටල්වල ආරක්ෂාවට හමුදාවේ 1,000ක් පමණ යොදවා ඇති බවයි.
IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගත් අතර, මියගිය පිරිසෙන් වැඩි දෙනා බ්‍රිතාන්‍ය ජාතිකයන් බව හඳුනාගෙන තිබුණි.
සෙයිෆෙඩීන් රෙස්ගුයි නමැති ප්‍රහාරකයා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුවත්, මෙම ප්‍රහාරය සඳහා ඔහුට ආයුධ සැපයීමෙන් හා අනෙකුත් උපදෙස් ලබාදීමෙන් තවත් පිරිසක් මෙම ප්‍රහාරය පිටුපස කටයුතු කරන්නට ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි.
පොදු හතුරෙකුට එරෙහිව කටයුතු කරන මිතුරන් පිරිසක් ලෙස ටියුනීසියාව මෙම ප්‍රහාරකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය, ජර්මානු හා ප්‍රංශ රාජ්‍යයන්ට පවසා තිබේ.