ටිබෙට් බෞද්ධයන්ගේ අතිශය වන්දනාවට පාත්‍ර වන පෞරාණික ජෝක්හන්ග් ආරාමයේ ගින්නක් ඇතිවී තිබෙන බව චීන මාධ්‍ය වාර්තා පවසයි.
ලහාස් හි පිහිටි මෙම පෞරාණික බෞද්ධ විහාරයේ වහළ කිහිපයක් ගින්නට හසුව ඇති ආකාරය සමාජජාල පළ වූ ඡායාරූපවල දැකගත හැකි වූ බව කියැවෙයි.
එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වුණු ආකාරයට සෙනසුරාදා සවස් කාලයේ මෙම ගින්න හටගෙන ඇති අතර, පසුව ගින්න තවදුරටත් පැතිරී තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවූ බව වාර්තා නොවෙයි.
ගින්නෙන් ආරාමයේ තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේලාට හානියක් සිදුව නොමැති බවත්, ගින්නෙන් ආරාමයට සිදුවූ හානිය පිළිබඳව මෙතෙක් තක්සේරුවක් කර නොමැති බවත් චීන මාධ්‍ය පෙන්වා දෙයි.