ලිබියාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රොකට් ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වෙයි.
ට්‍රිපෝලි ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත්, ගුවන් යානා 12කට පමණ අලාභානි සිදුව ඇති බවත් වාරතා වෙයි.
ලිබියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රට තුළ නැවත ආරක්ෂාව ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර සහාය බලාපොරොත්තු වන බවයි.
2011 වසරේදී ලිබියානු නායක මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමෙන් පසු රට තුළ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට එරට නායකයන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියත්, නැවතත් රට තුළ ගැටුම් උත්සන්න වෙමින් පවතී.
එරට ආරක්ෂක අංශ පවසා සිටියේ ට්‍රිපෝලි ගුවන් තොටුපළ වෙත රොකට් ප්‍රහාර රැසක් එල්ල වූ බවයි.