ඇමෙරිකාව වෙත සිදුකරන සංක්‍රමණ වළක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද නවතම විධායක නියෝගය අත්හිටුවමින් හවායි ෆෙඩරල් විනිසුරුවරයා ලබාදී තිබූ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබේ.
මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රාජ්‍යයන් 6කට බලපැවැත්වෙන පරිදි මෙම නියෝගය නිකුත් කෙරුණත්, මෙම තහනම අත්හිටුවීමත් සමග එය බලාත්මක කිරීමේ ගැටලුවක් පැන නැගී තිබේ.
මෙම තහනම ක්‍රියාත්මක වීම හවායි සංචාරක ව්‍යාපාරයට බලවත් තර්ජනයක් මෙන්ම, එරට වෙත විදේශීය ශිෂ්‍යයන් ගෙන්වාගැනීම හා සේවකයන් ගෙන්වා ගැනීම කෙරෙහි දැඩි බලපෑමක් ඇතිවිය හැකි එම ප්‍රාන්ත අධිකරණයේදී හවායි ප්‍රාන්තය පෙන්වාදී තිබුණි.
කෙසේ වෙතත්, මෙය රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථාවක් බව පෙන්වා දෙන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව වෙත ඉස්ලාම් අන්තවාදී ත්රස්තයන් ඇතුළු වීම වැළැක්වීම මෙම තහනමේ මුඛ්‍ය පරමාර්ථය බව අවධාරණය කරයි.
ඒ අනුව, දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලට සවන්දුන් විනිසුරුවරයා මීට පෙර ලබාදී තිබූ තාවකාලික නියෝගය දිගුකාලීනව බලපැවැත්වෙන පරිදි තවදුරටත් දීර්ඝ කර තිබුණි.
පසුගිය මාර්තු 6 වැනිදා ට්‍රම්ප් අත්සන් කළ එම නියෝගයෙන් ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන රටවලින් සිදුකරෙන සංක්‍රමණවලට දින 90ක්ද, සරණාගතයන් සඳහා දින 120ක්ද ලෙස තහනමක් පැනවුණි.