ලෝකයේ වඩාත් බලගතුම මිනිසා ලෝකයට වැඩිම බලපෑමක් සිදුකළ හැකි ගැහැනිය අතර හමුවක් අද (17දා) සිදුවෙයි.
ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් පසුගිය අඟහරුවාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබුණත් පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එය අදට කල් දැමුණි.
මෙම දෙපාර්ශ්වය අතර සමානකම් සලකා බැලීමේදී බොහෝ වෙනස්කම් පවතින බව පැවසුණත්, බටහිර ලෝකයේ වෙනස්කම් වෙනුවෙන් මේ දෙපාර්ශ්වයටම සිදුකළ හැකි කාර්යභාරය අති මහත්ය.
විශේෂයෙන්ම සංක්රමණිකයන් සඳහා මාර්කෙල් විසින් දොරගුළු විවෘත කරද්දී, ට්රම්ප් ඒ දොරගුළු වසා දැමීමට කටයුතු කිරීමම ඔවුන් දෙදෙනාගේ දැකිය හැකි පැහැදිලි වෙනස්කමක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.
නමුත්, මේ දෙපාර්ශ්වය තුළ ඇතිවන සම්බන්ධතාව යුරෝපයේ අනාගතය වෙනුවෙන් පෙර නොවූවිරූ තත්ත්වයක් ඇති කරනු ඇති බවද ඔවුහු පවසති.