ට්‍රම්ප් සහ මෙලානියා එක්ව නත්තල් සුබ පැතුම් ගෙනෙයි
"මමත්, මෙලානියාත් එකතුව ඇමෙරිකානුවන්ටත්, සමස්ත ලෝකයටමත් සුබම සුබ නත්තලක් මහත් වූ ප්‍රීතියකින් ප්‍රාර්ථනා කර සිටිනවා" යැයි කෙටි නත්තල් දින වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ට් ට්‍රම්ප් පවසයි.
නත්තල් දින නිවාඩුව වෙනුවෙන් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ, පාම් බීච් හි මාර්-අ-ලාගෝ මන්දිරය වෙත පිටත්ව යෑමට පෙර වොෂිංටන් ඩීසී සිට ඇමෙරිකානු ජනපතිවරයා මෙම නත්තල් දින ට්විටර් වීඩියෝ පණිවුඩය නිකුත් කර තිබුණි.
"මේ කාලයේදී වඩාත් යහපත් ඇමෙරිකාවක් මෙන්ම, සැබෑ ඇමෙරිකානු ජනතාවගේ ආත්මය අප අත්විඳිනවා. ඒ වගේම, නිල ඇඳුමින් සන්නද්ධ අපේ නිර්භීත පිරිමින්ට සහ ගැහැණුන්ට ගෞරවය පුදකර සිටිනවා" යැයි රතු වර්ණයෙන් යුතු ගවුමකින් සැරසී සිටි මෙලානියා මෙම පණිවුඩයේදී පවසා සිටියි.
එම පණිවුඩයෙන් නත්තල් සමයේදී පවුලක් වශයෙන් එක්ව සතුටුවීම මෙන්ම, දරුවන් සමග ගත කිරීම ගැනද පවසන ට්‍රම්ප්, මීට වසර 2,000කට පෙර උපත ලැබූ ජේසු බිළිඳා පිළිබඳ සිහිපත් කරමින්, දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරයි.
සඳුදා සවස වනවිට ට්‍රම්ප් විසින් නිකුත් කළ එම ට්විටර් පණිවුඩය මිලියන ගණනක පිරිසක් නරඹා තිබූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.









