ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සහ පළමු වැනි ෆ්රැන්සිස් පාප් වහන්සේ අතර හමුවක් අද (24දා) වතිකානුවේදී සිදුවිය.
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ට්රම්ප් සිදුකරන විදෙස් සංචාරයේ තුන්වැනි අදියර ලෙස ඔහු ඇතුළු දූත පිරිස වතිකානුව වෙත පැමිණියහ.
ජනපති ට්රම්ප් සමග ජනපති ආර්යා මෙලනියා, දියණිය ඉවන්කා සහ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් පාප් වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවට පැමිණ සිටි බව විදෙස් වාර්තා පවසයි.
පාප් වහන්සේ හා ට්රම්ප් අතර සරණාගත ප්රශ්නය මෙන්ම, කාලගුණික විපර්යාස පිළිබඳ ආරම්භයේ සිටම යම් පරස්පර මතයක් පැවති බව සඳහන් වූ නිසා මෙම හමුව දෙපාර්ශ්වයටම අතිශය වැදගත් හමුවක් බවද විදෙස් වාර්තා පවසා සිටියේය.
පාප් වහන්සේ හමුවීමෙන් අනතුරුව ට්රම්ප්, වතිකානුවේ ජනපති හා අගමැතිවරයා සමගද සාකච්ඡා පවත්වන බව සඳහන් වෙයි.
මෙම සංචාරයෙන් අනතුරුව බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගී වීම සඳහා ට්රම්ප් බ්රසල්ස් බලා පිටත්ව යෑමට නියමිතය.

.jpg)