ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චීනයේ සංචාරයක් සඳහා පැමිණීමට කැමැත්තෙන් පසුවන අතර, එම සංචාරයේදී දෙරට අතර අවබෝධය වඩා වර්ධනය කරගැනීමේ බලාපොරොත්තුවක් පවතින බවත් අනාවරණය වෙයි.
චීනයේ සංචාරයක නිරත ඇමෙරිකානු රාජ්ය ලේකම් රෙක්ස් ටිලර්සන්, චීන ජනපති ෂිං ජින්පින් හමුවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඇමෙරිකානු රාජ්ය ලේකම්වරයා මේ දිනවල සිදුකරන නැගෙනහිර ආසියානු සංචාරය අතරතුර චීනයට පැමිණි අතර, ඔහු චීන මහජන මන්ත්රණ සභාවේදී ජනාධිපතිවරයා මුණ ගැසුණි.
මෙය වඩාත් යහපත් හමුවක් බව ටිලර්සන් හමුවේ චීන ජනාධිපතිවරයාද පවසා තිබුණි.
"චීන - ඇමෙරිකානු සබඳතාව මිත්රශීලී සබඳතාවක් විය යුතු බව ඔබ පවසා සිටියා. මේ සඳහා මගේ අගය කිරීමත් එකතු වෙනවා" යැයි චීන ජනාධිපතිවරය සඳහන් කළේය.
එමෙන්ම, තමා කිහිප වතාවක්ම ඇමෙරිකානු ජනාධිපති ට්රම්ප් සමග දුරකථනයෙන් කතා කළ බවත්, දෙපාර්ශ්වයම සිය සබඳතාවල වර්ධනීය අනාගතයක් සහිත යුගයක් බලාපොරොත්තු වන බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.